Original topic:

Battery Calibration 🔋

(Topic created on: 12-18-2020 12:55 PM)
131 Views
nipoo
Expert Level 5
Options
Others
මොකක්ද මේ Battery Calibration කියන්නේ?
 
සමහර වෙලාවට ෆෝන් එකේ battery percentage එක වැරදියට පෙන්නන වගේ ඔයාලට දැනිලා ඇති. එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් phone එක අරගෙන ටික කාලයක් ගියාට පස්සේ. අවුරුද්දකට විතර පස්සේ වගේ. අන්න ඒ වගේ වෙලාවකට අපි battery percentage indicate වෙන එක ආපහු හදාගන්න කරන දේ තමා battery calibration කියන්නේ.
 
කොහොමද Battery Calibration කරන්නේ?
 
සරල පියවර කිහිපයක් තමා මේකට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වගේම තමා මේකට original charger එක සහ original cable පාවිච්චි කරනවානන් තමා හොඳ.
 
1. Phone එකේ battery 0% වෙනකන්ම බැහැලා off වෙන්න දෙන්න. On කරන්න try කරන්න. On වෙනවනම් battery ආපහු බැහැලා off වෙන්න දෙන්න.
 
2. Phone එක off එකේ තියෙද්දිම 100% වෙනකන් full charge කරන්න.
 
3. Charger එකෙන් ගලවලා phone එක on කරන්න.
 
4. Battery 100% තියෙනවද බලන්න. නැත්තන් on එකේ තියෙද්දි 100% වෙනකන් charge කරලා restart කරන්න. ඒත් නැත්තන් ආපහු පාරක් කරන්න. 3න් පාරකට වඩා කරන්න එපා. Battery එකට හොඳ නෑ. 3න් පාරක් කරලත් 100% පෙන්නන්නේ නැත්තන් බොහෝ විට Battery එකේ අවුලක්.
 
5. Phone එක සාමන්‍යය විදිහට පාවිච්චි කරලා 1 2 3 4 පියවර ආපහු එක පාරක් කරන්න.
 
සැලකිය යුතුයි!
 
  • අවශ්‍යනම් පමණක් මෙය සිදු කරන්න.
  • නිතර නිතර කරන්න එපා.
  • Current එක යන්නේ නැති වෙලාවක කරන්න. 
 
 - nipoo @ Samsung Members
 
(Article එක copy කරනවනන් credits දීලා copy කරන්න.)
 
Source:
2 Comments
spmax
Active Level 1
Others
👌
nipoo
Expert Level 5
Others
❤️
0 Likes