Original topic:

වොයිස් කමාන්ඩ් ඇක්ටිව් කරගන්නෙ කෙසේද?

(Topic created on: 06-12-2021 08:18 AM)
146 Views
10zing
Active Level 2
Options
Galaxy A
සැම්සුන්ග් A30 Android11, ෆෝන් එකක වොයිස් කමාන්ඩ් ඇක්ටිව් කරගන්නෙ කෙසේද?
පියවරෙන් පියවර දක්වන්න පුළුවන්ද?
(උදා:- ස්ක්‍රීන් ශොට් ගැනීම, කැමරා කැප්චර්, සවුන්ඩ් වැඩි කර ගැනීම වාගේ දේවල් කරගැනීමට)
5 Comments
noahm
Active Level 8
Galaxy A
ඔය උදාහරණ විදිහට අහල තියෙන ඒවා Google Assistant සහ Bixby දෙකෙන්ම කරන්න පුලුවන්.
Google account එක phone එකට link කරල නම් කෙලින්ම එතනින් settings හදන්න.
Google Assistant settings වල Voice Match කියන එක ON කරන්න. කරල ඔයාගෙ voice එකට assistantව train කරන්න.

Phone Settings > Google > Settings for Google apps > Search, Assistant & Voice > Google Assistant > Voice Match > turn ON

"Hey Google" කියන phrase එකෙන් assistantව active වෙනවා.

Bixby නම්, voice wake up ON කරන්න.
Bixby Settings > Voice wake-up > turn ON.
"Hey Bixby" කියන phrase එකෙන් assistantව active වෙනවා.

තව settings කීපයක්ම ඕවයෙ තියෙනවා. ඔයාට කැමති විදිහට ඒවා හදා ගන්න පුලුවන්.

Screenshots ගන්න:
"Hey Google, take a screenshot", "Hey Bixby, take a screenshot".

Camera capture:
"Hey Google, take a picture", "Hey Bixby, take a picture".
ඔය වගේ ඒවට තව කියන්න පුලුවන්. උදාහරණයක් විදිහට, "take a picture without flash" වගේ.

Volume up/down:
"Hey Google, turn down the volume", "Hey Bixby, turn up the volume".
ඕනෙ නම් specify කරන්නත් පුලුවන් මොන volume එකද කියල. උදාහරණයක් විදිහට "turn down the ringtone volume".
0 Likes
10zing
Active Level 2
Galaxy A
බොහොම ස්තූතිය. උත්සාහ කරල බලන්නම්.
10zing
Active Level 2
Galaxy A
Google Assistant නම් වැඩ කරනව. නමුත් ෆෝන් එකේ සෙටින්ග්ස් හොදට සපෝර්ට් කරන්නෙ බික්ස්බි නේද. බික්ස්බි නම් හදාගන්න බෑ වගෙ. Samsung Galaxy A30 Android 11 වලට නෑ වගේ. අනික offline වලට මේ දෙකම සපෝර්ට් නැද්ද.
noahm
Active Level 8
Galaxy A
ඔව් assistant apps වැඩ කරන්නෙ නැහැ internet නැතුව.

දන්න තරමින් නම් Bixby හැම Galaxy device එකටම pre-installed එනවා.
Phone settingsවල Bixby search කළාම hits එන්නෙ මොනවද?

දෙක compare කළොත්, Google Assistantට පුලුවන් සමහර ඒවා Bixbyට බෑ. Bixbyට පුලුවන් සමහර ඒවා Google Assistantට බෑ.

Google Assistant, Google services/apps සහ පිට apps එක්ක හොඳට වැඩ කරනවා.
Bixby හොඳට වැඩ කරන්නේ Samsungවලම apps එක්ක. පිට apps එක්කත් වැඩ කරනවා නමුත් ඒ අතින් Google Assistantට සාපේක්ෂව තාම Bixbyගෙ abilities මදි.

සරල උදාහරණ කිව්වොත්,

1. Phone එකේ My Files වගේ apps...
Google Assistantට කියල ඕක open කරගන්න පුලුවන්. හැබැයි close කරන්න කිව්වොත් එයා ගිහින් ඒක internet එකේ search කරන්නෙ.
නමුත් Bixbyට කිව්වම open කරන එකත් කරනවා, close කරන එකත් කරනවා.

"Analyze storage" වගේ දෙයක් කිව්වොත් Bixby, Device Care/My Files app එක use කරලා පෙන්නනවා ඕනෙ විස්තර ටික.
Google Assistant කරන්නේ internet search කරන එක.

2. මොකක් හරි වෙනමම app එකක දෙයක් කරන්න කිව්වොත්... ඒ කියන්නෙ open/close නෙවෙයි. ඊට වඩා පොඩ්ඩක් වැඩි දෙයක්.

උදාහරණ... මම කිව්වොත්
"Open Lucifer on Netflix"
"Play BTS on Spotify"
"Play Numb by Linking Park on YouTube"

ඕවා එකක්වත් Bixby කරන්නෙ නෑ. Capsule එක නෑ වගේ මොකක් හරි තමයි කියන්නෙ. හැබැයි Google Assistant හරියටම ඕනෙ දේ කරනවා.

ඒත් මතක් කරන්න ඕනෙ, Bixbyගෙන් voice commandsම විතරක් නෙවෙයි තව සෑහෙන දේවල් කරන්න පුලුවන්. උදාහරණයක් තමයි Bixby Routines. ගොඩක්ම helpful feature එකක්.
10zing
Active Level 2
Galaxy A
ස්තූතියි යාළුව.