Original topic:

samsung internet 12 beta adds support for multiple password autofill apps

(Topic created on: 05-14-2020 05:13 AM)
150 Views
workstation
Active Level 6
Options
Others
Google Chromeහි දකින්නට නොලැබෙන ඇතැම් additional features පැවතීමත්, නිතරම නව විශේෂාංග පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙන් Samsung Internet යනු මේ වන විට ඉතාමත් ප්‍රසිද්ධ Chromium-based web browser එකක් වෙනවා.

image

මේ දක්වා Samsung Internet browser එකෙහි තිබුණු අඩුපාඩුවක් වන්නේ එය ඔබගේ login credentials, Samsung සමාගමේ cloud storage එක තුළ ගබඩා කිරීමට පමණක් ඉඩදී තිබීමයි.

LastPass වැනි වෙනත් මුරපද කළමණාකරණ සේවාවන් භාවිතා කරන පුද්ගලයින්ට මෙය තරමක් අපහසුතාවයක් ගෙන දෙන කටයුත්තක් වූ නමුත් අලුත්ම beta සංස්කරණය හරහා Samsung Internet browser එකට password autofill කරනු ලබන apps භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

Android Police වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Samsung Internet beta 12.0.1.4 සංස්කරණයෙහි, Android 8.0 Oreo සමඟින් හඳුන්වා දුන් Autofill API සඳහා සහය ලබාදෙනු ලබනවා.

මේ Autofill API එක නිර්මාණය කර ඇත්තේ ඔබ භාවිත කරන ඕනෑම password manager සේවාවක් සමඟ Android වලදී login credentials භාවිත කිරී‍මේ හැකියාව ලබාදීම සඳහා වන නමුත් Samsung Internet විසින් දැනට සහය දක්වන්නේ 1Password, LastPass සහ Dashlane යන සේවාවන් සදහා පමණි.

මෙය තවමත් Google password manager එක සහ Firefox Lockwise සදහා සහාය නොදක්වන නමුත් ඉදිරියේදී එම සේවාවන් සඳහාද සහය දක්වන ලෙස සකස්කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.

0 Comments