Original topic:

RAM Plus For Any Samsung....!😃(For Some Devices)...

(Topic created on: 04-16-2022 07:21 PM)
111 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
ඔක්කොටම කලින් යටම තියෙන Facts කියන කෑල්ල කියවල ඉන්න.

තව එකක් මේක ගොඩාක් දිග post එකක් කියවන්න් ගියාම එපාවෙයි.මක් කරන්නද..ඉතින්🥲


September security නැත්නනන් තමන්ට ආපු latest ම patch update එකෙන් පස්සෙ RAM Plus Feature එක හැම Device එකකටම වාගේ Support කරන බව ඔයාල දන්නවද...?😃

මේක ටිකක් ලොකු device වල තමා auto ම enable වෙලා එන්නෙ.ඒ උනාට Budget device වලත් මේක enable කරගන්න පුලුවන්.


ඉස්සෙල්ලම ඔයාගෙ Device එක Support ද කියල බලමු.

1.පල්ලෙහා Link එකෙන් ගිහින් SetEdit කියන App එක Download කරගන්න.


2.දැන් මං කියන විදියට විතරක් කරන්න වෙන මොකුත් එහෙම ඔබන්න යන්න එපා !!!!!!!

3.දැන් ඒ App එක Open කලාම පල්ලෙහා විදියට බලාගන්න පුලුවන්.ඒකෙ system table කියල තියෙන්නෙ ඒක Tap කරල පල්ලෙහා විදියට Global table තෝරගන්න.

image


4. Global Table තෝරගත්තට පස්සෙ ඊලඟ Step එකට යන්න
..

image

5.දැන් ඔය Global table එකේ පල්ලෙහාට ගිහින් මෙන්න මේ Option එක තියෙනවද බලන්න.

ram_expand_size

ඔය option එක තිබ්බෙ නැත්නම් ඉතින් official විදියට virtual ram එකක් හදාගන්න බෑ
.

ඒක තියේනම් දැන් අපි බලමු ඒකෙ size එක වෙනස් කරන්න කොහොමද කියල.

ඔක්කොටම කලින් මෙන්න මේක Install කරගන්න .මේක ඇවිල්ල අර setedit app එකේ plugin එකක් වගේ එකක්.😅



ඊට පස්සෙ මේ ram plus එකේ size එක වෙනස් කරන්න අපිට අනිවාරෙන් pc එකක් හරි තව android phone එකක් හරි ඕනෙ.මම මෙතන කියන්න යන්නෙ pc එකෙන් කරන හැටි.තව android phone එකකින් කරන්න ඕනෙනම් comment එකක් දාන්න කියල දෙන්නම්😇.

1.phone එකේ developer option වලට ගිහින් USB Debbuging on කරගෙන PC එක connect කරන්න.

2.දැන් ඔයාගෙ pc එකට මෙන්න මේ zip එක download කරගෙන කැමති Folder එකකට extract කරගන්න.

Minimal adb and fastboot


3.පල්ලෙහා එකේ විදියට Extract කලාට පස්සෙ එන Folder එක open කරගන්න.

image

4.දැන් අන්තිමට තියෙන exe එක open කරගන්න.අනිත් ඒව වැඩක් නෑ.

image

5.දැන් ඔය software එක setup කරගෙන Install කරගන්න.

image

6.ඉවර වෙලා ඒක open කරගන්න.මතක තියාගන්න ඔයාගෙ phone එක connect කරල තියා ගන්න.

image

7.දැන් මෙන්න මේ command එක එතන type කරන්න.

adb devices

ඊට පස්සෙ enter කරන්න.

image

8.ඊට පස්සෙ ඔයාගෙ phone එකේ pop up එකක් එයි.ඒකට allow දුන්නට පස්සෙ ඔයාගෙ device එකේ serial number pc එකේ වැටෙයි.ඒක එහාපැත්තෙන් unaouthorized කියල වැටුනොත් ආයෙ adb devices කියල type කරල enter කරන්න.හරි යයි.

9.දැන් ඊලඟ command එකෙ දැන් ඔයා අර setedit කියන app එක open කරගන්න.කරගෙන global table එකට යන්න.ඊට පස්සෙ මේ command එක type කරන්න.

adb shell


Type කරල enter කරන්න


image

10.ඒකෙන් පස්සෙ පල්ලෙහා පේලියට වැටෙයි.දැන් මෙන්න මේ command එක type කරල enter කරන්න.

pm grant by4a.setedit22 android.permission.WRITE_SECURE_SETTINGS

ඕක එක රූලට type කරන්නෙ ඉඩ මදි නිසා දෙකක් වෙලා. setedit 22 න් පස්සෙ හිස්තැනක් තියල android කියන එක පටන් ගන්න.දැන් ඔයාට global table එක edit කරන්න පුලුවන්.😃.


දැන් pc එකෙන් ගැලෙව්වට කමක් නෑ.පටාස් ගාල ගිහින් අර ram_expand_size කියන එක හොයා ගන්න..

1.දැන් ඒ option එක උඩ එකපාරක් tap කරල පල්ලෙහා විදියට edit value කියන එක ඔබන්න.

image

2.ඊට පස්සෙ ඔයාට අවශ්‍ය virtual ram එකේ ගාන 1024 න් ගුන කරල දාන්න.ඒ කිව්වෙ mb ගාන.ගාන දීල save changes ඔබන්න.

image

3.දැන් ආයෙ ඒ option එක ඔබල ඒකෙ තියෙන add to guardian කියන එක ඔබන්න.

image

4.ඊට පස්සෙ ඔය වගේ එකකට වැටෙයි.ඒකෙ යට startup guardian කියල තිබ්බෙ නැත්නම් එතන ඔබල startup guardian කියන එක select කරගන්න.

image

දැන් වැඩේ ඉවරයි Restart කරන්න.ram plus කියල device care වල ඇති

image


image

පේනවනේ....!😇


Facts

මේ ram plus කියන එකට mb ගාන දාන කොට අපිට දාන්න පුලුවන් අපේ storage එකේ ප්‍රමානය.නමිත් එහෙමයි කියල අපේ storage එකෙන් 32GB ඔක්කොම කැපෙන්නෙ නෑ.පොඩි යම්කිසි ප්‍රමානයක් විතරයි 4GB ක් විතර.හැබැයි ටිකක් වැඩිපුර දැම්මාම පොඩිම පොඩිම පොඩිම පොඩිම පොඩිම පොඩි improvement එකක් තියේ🤣🤣🤣.

Virtual ram එකක් නැතුව Device care වල ගිහින් ram එක clear කලාම ඉස්සර 1GB තමා උපරිම free ගන්න පුලුවන්.වැඩක් නැති app ත් stop කරල.නමුත් දැන් app stop නොකරත් 1.7GB වලට වඩා ඉඩ ගන්න පුලුවන්.ඉතින් මං හිතනව මේක අනිවාරෙන් ඔයාලට උදව් වෙයි කියල.

තව එකක් restart කරපු ගමන් ගිහින් device care වල බැලුවට නෑ.විනාඩි පහක් විතර ගිහින් බලන්න එතකොට ඇති.පලවෙනි පාර විතරයි එහෙම වෙන්නෙ.ඊට පස්සෙ හරි.

කෝකටත් අර setedit app එකෙ uninstall කරන්න එපා.

මොනාහරි ප්‍රශ්නයක් තිබ්බත් නැතත් comment කරන් යං..😅
57 Comments
Hiruka_NU
Expert Level 5
Others
Ehema ba ithin.oya widiyata virtual ram ekak hadaganna puluwanda.?echcharayi ithin karanna puluwan🙂
Others
Hmm
Ravija11027
Expert Level 5
Others
Tks
Hiruka_NU
Expert Level 5
Others
Hari sago ela🙂👍
Ravija11027
Expert Level 5
Others
🤗🤗
Hiruka_NU
Expert Level 5
Others
Hari sago ela🙂👍
Fernando174
Active Level 4
Others
adb devices කියල type කරාම List of devices attached කියල පෙන්නනවනෙ?
Hiruka_NU
Expert Level 5
Others
Ow ehema thama.ethakota usb ekata gahala adb connect una device tike model names pennayi
Ravija11027
Expert Level 5
Others
🤩🤝
0 Likes
Hiruka_NU
Expert Level 5
Others
Hari sago ela🙂👍