Original topic:

Happy New Year

(Topic created on: 12-31-2019 05:43 PM)
254 Views
SLMembers
Active Level 7
Options
Others
Welcome 2020
image
New Year Challenge
වසර 71ක් මෙරට පාලනය කරමින් තමාට කිරියෙන් පැණියෙන් උතුරවාගත් පාලක පන්තියට නොරැවටී නොවැටී දේශපාලන සවිඥාණික බවින් යුතු Sri Lanka වාසී සැබෑ පුරවැසියන් ලෙස 2020 නව වසරේදීවත් නිවැරදි දේශපාලන තීන්දු ගෙන කිරියෙන් පැණියෙන් උතුරවාගන්නා ලෙස අප ප්‍රාර්ථනා කරමු.
3 Comments
m20member
Active Level 1
Others
danne nadda 19 sanshodanen passe policiya, adikaranaya thiyenne kathanayaka yatathe kyla. oya uda thiyana post wage ewa hadanne unp un.
0 Likes
SLMembers
Active Level 7
Others
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අඩු කෙරුණු විධායක ජනාධිපති ධුරයෙහි බලය යළි වැඩිකිරීම සඳහා සහ මන්ත්‍රී ධුරයක් සඳහා ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් දෙකක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබේ.

විජේදාස රාජපක්ෂගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම 21 සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට ඒවා රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් දිස්ත්‍රික්කයක මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා යළි ඉහළ නැංවීම සඳහාය. මේ හරහා කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව බොහෝදුරට අහිමි වනු ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් යෝජනා කර ඇත්තේ ඉහළ අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයාටම එම පත්කිරීම් සිදුකිරීමේ බලය පැවරීමටය.

එසේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමේදී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වෙනුවට අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා ජනාධිපතිවරයාටම එම පත්කිරීම් සිදුකිරීමේ බලය පැවරීමට 22 වන සංශෝධනය මඟින් යෝජනා කර තිබේ. 

තව ද ආරක්ෂක අමාත්‍ය ධුරය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා වෙත පැවරීමට ද වෙනත් අමාත්‍යාංශ අවශ්‍ය නම් තමන් යටතේ තබාගැනීමට ජනාධිපතිවරයාට බලය පැවරීම ද එම සංශෝධන කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
0 Likes
SLMembers
Active Level 7
Others
බොහෝ දෙනෙක්ට අවශ්‍ය වන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරනවාට වඩා, ඒ මතින් බලය ලබා ගැනීමට කෙසේ හෝ උත්සහ කිරීමත්, ලබා ගත් බලය පවත්වාගෙන යාමටත්ය. මෙවන් නොමිනිස්කම්වලින් මේ Sri Lanka දූපත දැන් පීරි ඉතිරී ගොස් තිබේ. එසේ තිබියදී අපි සුභ අලුත් අවුරුද්දක් කියමු.
0 Likes