Original topic:

𝐑.𝐈.𝐏 ༒ Apple GPU😂😂...

(Topic created on: 06-17-2021 12:33 AM)
123 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
Samsung Exynos 2200 නිකුත් වීමටත් ප්‍රථම Apple A14 Bionic graphic performance පරදවයි........

image


පසුගිය කාලයේදී Samsung හා AMD යන ආයතන විසින් Mobile Graphic Chips නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත් කලා ඔබට මතක ඇති. ඒ වගේම Exynos Chips වලට RDNA Architecture එක භාවිතා කිරීම ගැනත් අවධානයට ලක් වුනා.

2021 වසරේ මුල් භාගයෙදී Samsung සමාගම පවසා සිටියේ මේ සම්බන්ධ සියලු වැඩ කටයුතු සාර්ථක වෙමින් පවතින බවයි.

එමෙන්ම AMD විසින්ද සමාගම් 2කේ මෙම ඒකාබද්ධ වීම සිහිපත් කරමින් නිවේදනය කලේ RDNA 2 Graphics සහිත මීළඟ පරම්පරාවේ ප්‍රධාන Chip එක මෙම වසර අගදී ප්‍රකාශයට පත් කරන බවයි.

අලුත්ම Video accelerator තාක්‍ෂණය Exynos 2200 Chip එකේ ප්‍රධානතම අංගයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කර තිබේ. මෙය Galaxy S22 Series සඳහා යොදාගන්නට සැලසුම් කර ඇති චිපයයි.

image


ආරංචි මාර්ග වලට අනුව ඔවුන් "4-nm LPE Process Technology” එක භාවිතා කරමින් නව Graphic Performance as Adreno 730 Graphics es Snapdragon SM8450 Chip එක අභිබවා යනු ඇති අතර එය Adreno 660 Graphics Subsystem එක සමඟ එන Snapdragon 888 හි අනුප්‍රාප්තිකයා වනු ඇත.

image


"GFXBench Benchmark" එකෙන් Exynos 2200
Chipset එකේ ප්‍රතිඵල ලබාගත හැකි අතර ඒවා ඉතා ශුභවාදී ප්‍රතිඵල වේ. මූලික දත්ත වලට අනුව AMD Graphics සහිත නව Samsung Processor e Performances, Apple A14 Bionic Chip එකේ Performanceද අභිබවා ගොස් තිබේ.

Samsung සමාගම ඔවුන්ගෙ තරඟකරුවන්ට ඉතා ප්‍රභල තරඟයක් ලබා දිය හැකි ඉතා හොඳ Graphic Subsystem එකක්ද ඇතුලත්වන Chipset එකක් නිර්මාණය කරනු ඇතැයි අපේ විශ්වාසයයි.......


Source- androidවැඩකාරයෝ
2 Comments
IsuruRangana
Active Level 2
Others
All the best samsung
Ravija11027
Expert Level 5
Others
🤣🤣
0 Likes