Original topic:

රාජපක්ෂලාගේ කෙරුවාව

(Topic created on: 12-27-2019 02:44 AM)
185 Views
SLMembers
Active Level 7
Options
Others
චම්පික රණවකට විරුද්ධ මාර්ග අනතුරු නඩුව යළි විභාග කළ හැකි නම් මහින්ද රාජපක්ෂට විරුද්ධ Helping හම්බන්තොට නඩුව යළි කවදාක හෝ යළි විභාග කරන්නටත් පුළුවන් වනවා ඇත. මෙකී රාජපක්ෂ පූර්වාදර්ශය විසින් 2020-2025 කාලය තුල විසිකර දමන්නට නියමිත බොහෝ නඩු යළි විභාග කිරීම සඳහා අවස්ථාවක් සැළසෙන්නට ද ඉඩ තිබේ.

image

බලයට පත්වී සති 6ක් තරම් කෙටි කාලයක් තුළ රාපක්ෂවරුන් විසින් ක්‍රියාවට දැමූ පහත දැක්වෙන පියවරයන් දෙස බලන්න:

👎චම්පික රණවක සහ රාජිත සේනාරත්න පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීම

👎බිත්ති පින්තාරුවේ සිට ගී නිර්දේශ කිරීම සඳහා පියවර ගැනීම

👎ඇමැතිවරයකු පත් නොකොට එමගින් ආරක්ෂක අමාත්‍යාංශය ජනපති රාජපක්ෂ විසින්ම පාලනය කිරීමට කූටෝපායක් ක්‍රියාත්මක කිරීම

👎ජනපති රාජපක්ෂ විසින් සමස්ත Digital තොරතුරු තාක්ෂණය තමන් යටතට ගැනීම

👎ප්‍රධාන ධාරාවට අයත් සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සිය ප්‍රචාරක ආයතන බවට පත්කර ගැනීම

👎අන්තර්ජාල පුවත් මාධ්‍ය බිය ගැන්වීමට පියවර ගැනීම

👎රාජපක්ෂවාදී අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීමට මූලිකත්වය ගත් නීතිවේදීන්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රචාරය කිරීම

👎අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඩපණ කිරීම පිණිස එහි ප්‍රධානින් ඉවත් කිරීම

👎700කට වැඩි රහස් පොලිස් නිලධාරීන් බිය ගැන්වීම පිණිස ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීම

👎ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සංහිඳියාව සිය ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත් කිරීම

👎රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීම

👎දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම්වලට විසඳුමක් ලබා නොදෙන බව ප්‍රකාශ කිරීම

👎ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට පියවර ගැනීම

👎විපාක්ෂික දේශපාලනඥයින්ට දඬුවම් පැමිණවීම පිණිස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කිරීම සහ තවත් පියවර.

0 Comments