- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-27-2019 02:44 AM in
Othersබලයට පත්වී සති 6ක් තරම් කෙටි කාලයක් තුළ රාපක්ෂවරුන් විසින් ක්‍රියාවට දැමූ පහත දැක්වෙන පියවරයන් දෙස බලන්න:
👎චම්පික රණවක සහ රාජිත සේනාරත්න පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීම
👎බිත්ති පින්තාරුවේ සිට ගී නිර්දේශ කිරීම සඳහා පියවර ගැනීම
👎ඇමැතිවරයකු පත් නොකොට එමගින් ආරක්ෂක අමාත්‍යාංශය ජනපති රාජපක්ෂ විසින්ම පාලනය කිරීමට කූටෝපායක් ක්‍රියාත්මක කිරීම
👎ජනපති රාජපක්ෂ විසින් සමස්ත Digital තොරතුරු තාක්ෂණය තමන් යටතට ගැනීම
👎ප්‍රධාන ධාරාවට අයත් සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සිය ප්‍රචාරක ආයතන බවට පත්කර ගැනීම
👎අන්තර්ජාල පුවත් මාධ්‍ය බිය ගැන්වීමට පියවර ගැනීම
👎රාජපක්ෂවාදී අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීමට මූලිකත්වය ගත් නීතිවේදීන්ට එරෙහිව පියවර ගන්නා බව ප්‍රචාරය කිරීම
👎අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඩපණ කිරීම පිණිස එහි ප්‍රධානින් ඉවත් කිරීම
👎700කට වැඩි රහස් පොලිස් නිලධාරීන් බිය ගැන්වීම පිණිස ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීම
👎ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සංහිඳියාව සිය ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත් කිරීම
👎රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීම
👎දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම්වලට විසඳුමක් ලබා නොදෙන බව ප්‍රකාශ කිරීම
👎ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට පියවර ගැනීම
👎විපාක්ෂික දේශපාලනඥයින්ට දඬුවම් පැමිණවීම පිණිස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කිරීම සහ තවත් පියවර.
