Original topic:

ප‍්‍රජා පීඩනයේ ස්වභාවය

(Topic created on: 12-23-2019 09:21 PM)
212 Views
SLMembers
Active Level 7
Options
Others

ප‍්‍රජා පීඩනයේ ස්වභාවය කවදත් එක වගේ ය. එය ගොඩනැගෙන්නේ, තණ්හාව, රැවටිල්ල සහ හිංසනය යන ත‍්‍රිපාදය මත යි. ඒවා එකට ගමන් කරයි. පොදු යහපත නොතකා හැරීමට ප‍්‍රජා පීඩකයාව මත් කරවනු ලබන්නේ ඒවා මගිනි. එවැන්නෝ ජනහතුරන් වෙත්. පාලනය කිරීමට ඇති සදාචාරමය අයිතිය ඒ හේතුවෙන් ඔවුන්ට අහිමි කෙරෙන අතර, තමන්ගේ ඕනෑ එපාකම් ආරක්ෂා කර ගැනීමේ සදාචාරමය අයිතිය ජනතාවට පැවරේ.

image

ව්‍යාජ ශ‍්‍රද්ධාව සහ සැඟවුණු වංචාව: ඒවා වනාහී එකට යන දේවල් ය.
උදා: රාජපක්ෂ රෙජිමය

‘‘එකෙක් ගන්න, තව රොත්තක් හරි මරලා අනිත් එවුන්ට පාඩමක් දීපං’’ යන්න, අනාරක්ෂිත ප‍්‍රජා පීඩකයාගේ ප‍්‍රතිපදාවයි. එය, ප‍්‍රජා පීඩක ක‍්‍රමයක් තුළ පවතින අපේක්ෂා භංගත්වයේ සළකුණකි. උන්මාද, ප‍්‍රචණ්ඩ පාලකයන් සහ විඳවන අසරණ ජනතාව: ඒවා වනාහී එකට යන දේවල් ය.
උදා: රාජපක්ෂ රෙජිමය 4/21 ප්‍රහාරය දක්වා
0 Comments