SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-24-2019 04:40 AM in
Othersසීසන් කාලෙට පිට පළාත්වලින් එන අය කිමිදුම් මධ්‍යස්ථාන දාගෙන තල්මසුන් පෙන්නලා පරවි දූපත් ගිහිල්ලා කෝටි ගණන් මුදල් හරිහම්බ කරගෙන යනවා. ඒ අය රැකියා 3ක් කරනවා. නිලාවලි අවට පදිංචි අපි උඩ බලාගෙන ඉන්නවා. බෝට්ටු හිමියෝ කියලා අපට සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේත් නෑ.
ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීමට සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ අවසර පත්‍ර 40ම දීල තියෙන්නේ පිට පළාත්වල අයට. එකම පවුලේ දහ දොළොස් දෙනාට විවිධ නම්වලින් මේ බලපත්‍ර දීලා..
2020 සිට කුඩා බෝට්ටු ඉවත් කරල, ලොකු බෝට්ටු යොදාගන්න වනජීවීයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා. ලොකු බෝට්ටුවක් මිළදී ගන්න ආර්ථික හයියක් අපට නෑ. ඉතින් මහා ධන කුවේරයෝ නිලාවලි සංචාරක කලාපය අත්පත්කර ගනීවී. දැනටමත් ඒ තත්වය උදාවෙලයි තියෙන්නේ. වෙරළාසන්න රජයේ ඉඩම් පවා ඔප්පු හද හදා විකුණනවා.
0 Comments
