Original topic:

අපි නොදන්න Wi-Fi (1 කොටස)

(Topic created on: 12-15-2020 09:18 PM)
181 Views
nipoo
Expert Level 5
Options
Others
Wi-Fiවලට connect වෙන්න අපි හැමෝම දන්නවා උනාට ඒ හා සම්බන්ධ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නැති features 6ක් ගැන තමා කියන්න යන්නේ. Article එක ටිකක් දිග නිසා කොටස් තුනකට කඩලා දානවා එක කොටසකට features 2ක ගානේ. මේ පළවෙනි කොටස.
 
image
Source: Wikimedia

 
QR Code
 
තමන් පාවිච්චි කරන Wi-Fi network එක තව කෙනෙක් එක්ක එක්ක share කරගන්නකොට සාමන්‍යෙන් අපි කරන්නේ එයගේ phone එක අරන් Wi-Fi network එකට connect වෙලා password එක ගහල දෙන එකනේ. ඒත් එහෙම කරන්න ඕනි නෑ. ඔයාට පුළුවන් ඔයාගේ Wi-Fi network එකේ QR code එක read කරන්න දීලා network එක share කරගන්න. QR code එක ගන්න කරන්න තියෙන්නේ connect වෙලා ඉන්න Wi-Fi network එක ඉස්සරහින් තියෙන settingsවගේ button එක ඔබලා QR code ඔබන්න විතරයි.
 
image
QR code/nipoo @ Samsung Members
 
 
Metered network
 
Metered network කියන feature එක දැම්මහම Play Store apps updates, Galaxy Store apps updates හෝ device updates කිසිම දෙයක් වෙන්නේ නෑ. අපේ රටේ daytime data තරං වැදගත් දෙයක් තවත් තියෙනවද. නෑ නේ. Daytime dataවලින් වලින් app ටිකත් update වෙන්න ගත්තහම ඉතින්... එතකොට මේ Metered network කියන feature එක ඒකට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. මොකද nighttime data ටික බලලා apps ටිකේ update ටික දාගන්න පුලුවන්.
 
Metered network දැම්මහම එක පාර Play Store apps download වෙන්නෙත් නෑ. ඒකට කරන්න ඕනි ඒ app එක තියෙන page එකට ගිහිල්ලා Download now ඔබන එක. Galaxy Store apps download කරන එකට මේකෙන් ගැටළුවක් නෑ.
 
Syncවලට Metered network ගැටළුවක් නෑ.
 
image
Metered network/nipoo @ Samsung Members

 
 - nipoo @ Samsung Members
 
(Article එක copy කරනවනන් credits දීලා copy කරන්න.)
 
 
2 Comments
AlジPrimemax
Active Level 7
Others
👌
nipoo
Expert Level 5
Others
❤️
0 Likes