Original topic:

‘අනාගතය’ උදාවෙමින්….

(Topic created on: 12-21-2019 07:49 PM)
161 Views
SLMembers
Active Level 7
Options
Others
ඇවන්ඩ් ගාර්ඩ් නඩුව, මාධ්‍යවෙිදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම, තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්, රතු පස්වල වෙඩි තැබීම, නාවික හමුදා නිලධාරීන් විසින් තරුණයන් 11 දෙනෙක් අතුරුදහන් කරවීම, ආදී අපරාධ සම්බන්ධයෙන් විමර්ශණයන් භාරව සිටියේ ශානි අබේසේකරයි. අබේසේකර විමර්ශනය කරමින් සිටි බොහොමයක් අපරාධ 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ අපරාධයන්ය. එම අපරාධ බොහොමයක් සිදු වන විට රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියේ වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂයි.

image
පොලිස් කොමිසමෙන් පියන් කෙනෙකු කළ ශානි

දණ්ඩමුක්තිය පවත්වාගෙන යන ඕනැම රාජ්‍ය නායකයෙක්, රාජ්‍යක් කිසි දිනක දියුණු, ශිෂ්ට රාජ්‍යක් වන්නේ නැති බවත් අප මතක තබා ගත යුතුය. කොතරම් උස ගොඩනැගිලි තනා, මංමාවත් වල රත්තරන් අතුරා ජනතාවට නොමිලේ සියල්ල දුන්නත්, ඒ අතරින් වේදනාවට පත් මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ අදෝනාව ඇසෙනු ඇති.

0 Comments