Original topic:

ගෝඨාගේ හොරු ඇල්ලිල්ල

(Topic created on: 12-21-2019 04:43 AM)
181 Views
SLMembers
Active Level 7
Options
Others
2019 නොවැම්බර් 16 මිනිස්සු උදේම ඡන්ද පොළට ගියේ දෙන්නම් බැටේ කියාගෙනය. ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගෙවුණා පමණි. මිනිස්සු TV එක දිහා බලාගෙන හිටියේ බැඳුම්කර හොරු කුදලාගෙන එන තෙක්ය. Top 10 හොරු පෝලිමේ ගෙන යන තෙක්ය. පාස්කු බෝම්බකරු සහරාන්ට උදව් කළ මැති ඇමැතිවරුන් ගෙවල්වලට ගිහින් මහ පාරේ ඇදගෙන එනතෙක්ය. 

image

පහුගිය 18 වැනි දින රාත්‍රියේ TV එකේ Breaking News දමද්දී මිනිස්සු TV එක වටා එක්රොක් වූයේ කඩි රැළක් සේය.
‘2016 සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇත.’
මිනිස්සු හිතන්න ඇත්තේ TV එක කොළොප්පන් කරනවා කියා විය යුතුය. 
‘2016 චම්පිකගේ වාහනයේ රිය අනතුර බැඳුම්කරයටත් සහරාන්ගේ බෝම්බයටත් වඩා මහ විනාශයක් වුණේ කෙසේද?’ 
1 Comment
SLMembers
Active Level 7
Others
0 Likes