Original topic:

Featured Game : League of Legends : Wild Rift

(Topic created on: 10-01-2020 03:51 AM)
218 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Samsung-members-Features-Game-1.png

 

League of Legends වර්තමානයේ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය Esports games වලින් එකක් වන අතර, Wild Rift යනු ඉදිරියට එන Android games වලින් එකකි. එය 5v5 MOBA game එකක්  වන අතර මෙය PC version එකට වඩාත් සමාන නමුත් වඩාත් ජංගම-හිතකාමී game එකක් ලෙස නිර්මාණය කර ඇත.


League of Legends : Wild Rift යනු කුමක්ද?

League of Legends : Wild Rift  යනු ලොව ජනප්‍රියම Esports game එකක් වන League of Legends හි නව mobile version එක වේ. Riot Games mobile devices සඳහා Wild Rift සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කර ඇති අතර game එකේ ජනප්‍රියම champions ලා සහ Skin බොහෝමයක් ප්‍රතිනිර්මාණය කර ඇත.

 

 Wild Rift map එක තරමක් කුඩා වන අතර, තරඟ කාලය ජංගම-හිතකාමී මිනිත්තු 15 දක්වා අඩු කර ඇත. එමගින් ජංගම අවකාශයට පළමු වරට ප්‍රවේශ වන Riot Games, Mobile gaming බලශක්තිය වන Tencent Gaming සමාගමත් සමඟ ඇති බැඳීම් අනුව, ජංගම තරඟකරුවන්ට වඩා වැඩි අවධානයක් යොමු කෙරේ.

 

Wild Rift සම්පූර්ණයෙන්ම නොමිලේ සෙල්ලම් කිරීමට හැකි වන අතර, Skin සහ වෙනත් cosmetic items සඳහා in-app purchases බලාපොරොත්තු විය හැක . PC League of Legends වලට සමානව සියලුම champions ලා gameplay එකෙන් පමණක් unlock කිරීමට හෝ gameplay නොකර සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමටත් හැකි වේ.


Launch එකේ එන champions ලා කවුද?

  • Ahri
  • Alistar
  • Annie
  • Ashe
  • Aurelian Sol
  • Blitzcrank
  • Braum
  • Olaf
  • Camille
  • Ezreal
  • Fiora
  • Fizz
  • Garen
  • Gragas
  • Graves
  • Janna
  • Jax
  • Jhin
  • Jinx
  • Lux
  • Malphite
  • Master Yi
  • Miss Fortune
  • Nami
  • Nasus
  • Olaf
  • Orianna
  • Shyvana
  • Soraka
  • Tryndamere
  • Twisted Fate
  • Vayne
  • Vi
  • Xin Zhao
  • Yasuo
  • Zed
  • Ziggs

League of Legends: Wild Rift mobile සහ consoles වලට cross play ලෙස release කරන්නට Riot Games සමාගම බලාපොරොත්තු වේ. නමුත් League of Legends PC සමග cross play ලෙස play කරන්නට හැකියාවක් නැත.

 

Riot Games සමාගම මෙය Samsung A7 mobile එකකට සමාන specification එකක් ඇති devices වලට release කරන්න බලාපොරොත්තු වේ, ඒ කියන්නේ 1GB RAM, Qualcomm Snapdragon 410 processor, Adreno 306 GPU යන specification වලට හෝ ඊට වඩා වැඩි specification සහිත devices වලට.

 

ඉතින් මේ League of Legends : Wild Rift එක ඔක්තෝම්බර් 16 වනදා release වෙයි කියලා බොහෝ දෙනෙක් ගේ මතයක් ඇත. ඉතින් මේ game එක ගැන අලුත් updates දැනගන්න Samsung Members Games & Esports community එකත් එක්ක රැඳී සිටින්න.

6 Comments
vsrzone
Active Level 4
Games & Esports

මේක එනකම් තමයි අපි බලාගෙන ඉන්නේ!

Hemesh90
Active Level 4
Games & Esports

ඔක්තෝම්බර් 16 ? Can't wait!!

Games & Esports

මේක October 16 එනකම් දවස් ගැන ගැන ඉන්නේ! ගහන්න set වෙමු?

Samsung_x9mBjFe
Beginner Level 2
Games & Esports
mlmopmomomompommpm9p
rav33n
Moderator
Moderator
Options
Games & Esports
Any mobile legends players here who will try this out on release?
0 Likes
wolley
Active Level 5
Games & Esports
graphic awul wage
0 Likes