Original topic:

2021 Flagship Galaxy device වලට එන Exynos 2100

(Topic created on: 01-13-2021 08:06 AM)
109 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

2021 Flagship Galaxy device වලට එන Exynos 2100

Exynos-2100.png

 

අලුත් අවුරුද්දේ අපි බලාගෙනම ඉන්නේ අලුතින් එන Flagship Galaxy device එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් තවත් බලාගෙන ඉන්න ඕනේ නැහැ මොකද අපිට officially අලුත්ම Flagship Galaxy device එක හෙට තියන Galaxy unpacked event එකෙන් බලාගන්න පුළුවන් වෙනවා.

 

ඊයේ Samsung ආයතනය මගින් හෙට reveal කරන Galaxy device එකේ එන Exynos processor එක ගැන විස්තර මුදා හැරියා, ඒ තමයි Exynos 2100 කියන premium high-end processor එක.

 

ඉතින් අද අපි බලමු මේ Exynos 2100 processor එකේ features මොනාද කියලා.

 

1.Power

power.png

 මේ Exynos 2100 processer එක තමයි Samsung ආයතනය මගින් නිෂ්පාදනය කරලා තියන powerful ම processer එක. CPU 8කින් සමන්විත මේ processor එක Cortex®-X1 CPU architecture එක යටතේ සාදා ඇත. ඉතින් මේ processer එකේ performance එක කලින් processor එකත් එක්ක බලනකොට single core performance එක 19%ක් සහ multi-core performance එක 33%කින්  වැඩි වී ඇත. මේ නිසා Faster loading time සහ multitasking වැඩ කාර්යක්ෂමව කිරීමට හැකි වෙයි.

 

2. Gaming

2-gamers.png

 මේක තමයි Gamers ලා වන ඔයාලට වැදගත් ම දේ, ඒ තමයි මේකේ Gaming performance. මේ Exynos 2100 processer එකේ gaming  performance එක ගැන කතා කරොත් මේ පාර Samsung ආයතනය විසින් ගොඩක් focus කරලා තියෙන්නේ gaming performance වැඩි කරන්න. ඉතින් මේකේ එන GPU එක තමයි  Mali™-G78, මේකත් 46%ක performance වැඩි වීමක් තියනවා කලින් GPU එකට වඩා. මේ පාර තවත් අලුත් Technology එකක් හදුන්වා දීලා තියනවා "AMIGO" කියලා, මේකෙන් කරන්නේ ඔයාලා game එක play කරනකොට FPS (Frame rate) එක ස්ථාවරව පවත්වාගෙන යන්න උපයෝගී වීමයි. ඉතින් මේ  Technology එක ඔයටලට ගොඩක් උදව් වෙයි Esports tournaments වල play කරනකොට.


ඉතින් මේ Exynos 2100 processer එකේ තව features කෙටියෙන් කතා කරොත් hyper-fast 5G modem එකක්, හොඳ power efficiency එකක්, Camera 6ක් සමග 200 megapixel sensor එකක් support කිරීම, High quality 8K video recording සහ playback support කිරීම සහ 144Hz display support එක.

 

Untitled-3.png

 ඉතින් ඔයාලට මේ Processor එකත් එක එන අලුත්ම Galaxy flagship device එක හෙට Galaxy Unpacked event එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් මේ event එක live බලන්න පුළුවන් මෙන්න මේ links වලින්.

 

Samsung Sri Lanka FB page - Link

 

Samsung Youtube - Link

2 Comments
Cheers_bruh
Active Level 10
Games & Esports
In case I like to know if I purchase a phone with 120Hz display how will be the You Tube and movies experience
And does it really worth so much ?
GamerLK
Active Level 6
Games & Esports

You will get a better experience for videos with 60frames or higher plus your gaming experience will be much better with a higher refresh rate.