Original topic:

රග්බි ක්‍රීඩාවට වඩා PUBG සඳහා ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ඇල්මක් දක්වයි

(Topic created on: 08-10-2020 08:57 PM)
128 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

PUBG-Mobile-vs.png

 

  • Player Unknown Battlegrounds game එක දකුණු ආසියානු Esports ශේස්ත්‍රයේ පෙරළියක් සිදු කර ඇත
  • ශ්‍රී ලංකාව තුළ PUBG තරග වලට සහබගීවන Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට අධික සංඛ්‍යාවක් සිටී
  • Google trends වලට  අනුව, පසුගිය මාස 20 තුළ, ශ්‍රී ලාංකිකයන් රග්බි ක්‍රීඩාවට වඩා PUBG කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ඔප්පු වී තිබේ
  • PUBG වැඩිම searching percentage එක වාර්තා වෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත් තුළින්ය

 

PC සහ ජංගම දුරකතනයට හඳුන්වා දුන් Player Unknown Battlegrounds game එක දකුණු ආසියානු Esports ශේස්ත්‍රයේ පෙරළියක් සිදු කර ඇත.  මේ වන විට ශ්‍රී ලංකාව තුළ PUBG Mobile සඳහා කැපවූ, තරග වලට සහබගීවන  Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට අධික සංඛ්‍යාවක් සිටී. Gamer.LK විසින් සංවිධානය කරන ලද තරඟාවලි සහ ඉසව්වල වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ Esports සමස්තයක් ලෙස  කැපී පෙනෙන වේගයකින් ඉහළ යමින් පවතී.

 

WhatsApp-Image-2020-07-24-at-17.43.15-scaled.jpgරග්බි සහ මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ වැඩිපුරම ක්‍රීඩා කළ Esports හි search trends සංසන්දනය කිරීමට අපි තීරණය කළෙමු. Google trends වලට  අනුව, පසුගිය මාස 20 තුළ, ශ්‍රී ලාංකිකයන් රග්බි ක්‍රීඩාවට වඩා PUBG කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ඔප්පු වී තිබේ. සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 16 දක්වා කාලය තුළ, රග්බි ලෝක කුසලානයේ search trend එක උපරිම මට්ටමක පවතින අතර ක්‍රමයෙන් එය පහත වැටී අතර එය  PUBG search trends  වලට වඩා අඩු අගයක් ගෙන ඇත . search trends රටේ පළාත් අනුව වර්ග කිරීමේදී අපට දැන ගැනීමට ලැබුනේ ශ්‍රී ලංකාවේ පළාත් 9න් බටහිර හා මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත් රග්බි ක්‍රීඩාවට වඩා PUBG සෙවීම්වල නිරත වී ඇති අතර වැඩිම searching percentage එක වාර්තා වෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත් තුළින්ය. පළාත් දෙකෙහිම search  percentage එක වන්නේ 83% .

116203708_943879572767680_4122720817426618668_n-980x379.png

2020 පෙබරවාරි මාසයේදී , Gamer.LK විසින් ශ්‍රී ලංකාවේ විශාලතම PUBG Mobile තරඟාවලිය සංවිධානය කර ඇති අතර, රට පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එය ශ්‍රී ලංකාවේ පළමු Esports වෙබ් රූපවාහිනී නාලිකාව වන GLKtv හරහා PUBG රසිකයන් සහ අනෙකුත් Esports  ක්‍රීඩා ලෝලීන් සඳහා විකාශය විය. රුපවාහිනී විකාශයෙන් ද ප්‍රධාන ධාරාවේ උනන්දුව ලබා ගැනීමට එයට හැකි විය.

ssss-1.png

ඉහත කරුණු සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකා තරුණ සමාජය අතර, “රග්බි සමය” හැරුණු විට,  PUBG කෙරෙහි ඇති උනන්දුව රග්බි ක්‍රීඩාව කෙරෙහි ඇති උමතුව අභිබවා ගොස් ඇති   බව පැහැදිලිය.   

සාම්ප්‍රදායික ක්‍රීඩා අභිබවා යාමට Esports දැනටමත් ආරම්භ වී ඇති බවත්, වැඩි කල් නොගොස් රට තුළ වැඩිපුරම නරඹන ලද සහ ක්‍රීඩා කරන ක්‍රීඩාව මෙය බවත් මෙයින් තහවුරු වෙයි. 

7 Comments
pazindu
Active Level 4
Games & Esports
❤️
GamerLK
Active Level 6
Games & Esports

ඔයා rugby ගහනවද 😄

pazindu
Active Level 4
Games & Esports
Na😅
Games & Esports
COD mobile MP tournaments තියන්නෙ නැද්ද
GamerLK
Active Level 6
Games & Esports

දැනට BR තමයි plan කරලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු  👍 

rav33n
Moderator
Moderator
Options
Games & Esports
the inevitable outcome #esports
vsrzone
Active Level 4
Games & Esports

nice ❤️