Original topic:

gta 5 is free on the epic games store

(Topic created on: 05-14-2020 08:08 PM)
326 Views
workstation
Active Level 6
Options
Gaming Hub
ඔන්න දැන්, Epic Games ආයතනය විසින් ඔවුන්ගේ Epic Games Store එක හරහා GTA V නොමිලයේ ලබාදීමට කටයුතු කර ඇති අතර මෙය මෙම මස 22 වැනි දින දක්වා මේ ආකාරයෙන් නොමිලයේ ලබාගත හැකි වෙනවා.

image

මෙහිදී නොමිලයේ ලබාදෙන්නේ මේ GTA V ක්‍රීඩාවේ Premium Edition එක වන අතර එයට Criminal Enterprise Starter Pack එකද අන්තර්ගත වන බැවින්, ඒ හරහා game එක තුලදී වියදම් කිරීමට in-game credits මිලියනයක මුදලක්ද හිමි වෙනවා.

image

මේ ප්‍රවෘත්තිය ලොව පුරා විසිරී සිටින පරිගණක ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට සැනෙකින් යොමු වූ අතර මේ වන විට Epic Games ආයතනයේ servers වලට දරාගත නොහැකි තරමේ පිරිසක් මෙය ඇනවුම් කරමින් සිටිනවා.

We are currently experiencing high traffic on the Epic Games Store. 

We are aware that users may be encountering slow loading times, 500 errors, or launcher crashing at this time and we are actively working to scale. We'll provide an update as soon as we can.

— Epic Games Store (@EpicGames) May 14, 2020

මේ හේතුවෙන් ඔවුන්ගේ සේවාවන් විටින් විට අකර්මන්‍ය වන අතර පැය ගණනාවක් තිස්සේ වෙබ් අඩවිය සහ ඔවුන්ගේ අනෙකුත් game serversද අකර්මන්‍ය වී තිබුණා.

කොහොම නමුත් මේ වන විට මෙය යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින අතර ඔබට error එකක් දකින්නට ලැබෙන්නේ නම්, කිහිප වරක් උත්සාහ කිරීමෙන් මෙය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Epic Games Store එක, The Verge වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිත කළ හැක.

3 Comments
pazindu
Active Level 4
Gaming Hub
Is this true? 😍
Gihan_Dul
Active Level 5
Gaming Hub
Got the game..... 🤩💜💜