- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
05-23-2020 07:55 AM (Last edited 05-23-2020 07:57 AM ) in
Galaxy Noteඔයාගේ To-Do Listඑක හරියටම කරගන්න මෙන්න මේ විදියට notes දාගන්න.
වැදගත් දෙයක් ලියාගත්තත්, කටු සටහනක් දාගත්තත්, හදිසියට අකුරක් දෙකක් ලියාගත්තත්, මේ කොයි විදියට කලත් අපි හැමදෙනාටම ඕන කරන්නේ හරියටම අපේ notes දාගන්න. ඒ නිසා conference room එකේදී වගේම lecture hall එකේදී ප්‍රයෝජනවත් විදියට, boss කෙනෙක් වගේම notes දාගන්න මෙන්න මේ ක්‍රම සහ විධි 04 අත්හදා බලන්න.
1. ඔයාගෙම අකුරින් ලියන්න
මේ ලියාගැනීමේ ක්‍රමය හැම අතින්ම අපිට පුරුදු වගේම පහසුම විදියයි. Galaxy Note10 කියන්නෙත් අපිට හුරු ඒ පුරුද්ද ඒ විදියටම කරගෙන යන්න හැකියාව ලැබෙන සුපිරිම ජංගම දුරකතනයක්. තමන්ගේම අතින් note එකක් ලියාගත්තම ඒක ඔළුවට යන ඉඩකඩත් වැඩියි.ඒ නිසා අමතක වෙන්නෙත් නැහැ. නවීනතම S Pen එක ඔයාට ලේසියට පහසුවට Screen එකේ දෙයක් ලියාගන්න තවත් උදව් වෙනවා. ඒ වගේමයි ඔයාගේ handwriting පස්සේ text එකක් විදියට convert කරන්නත් Galaxy Note series එකට තියෙන හැකියාව.
2. නිකම්ම ඇහුම්කන් දෙන්න එපා - ක්‍රියාකාරිව ඇහුම්කන් දෙන්න.
Note එකක් ලියාගන්න ගොඩක් අය සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි කතා කරන කෙනාගේ points වලට ඇහුම්කන් දීලා ඒවා ලියාගන්න එක. Active listening, නැත්නං ක්‍රියාකාරිව ඇහුම්කන් දෙනවා කියන්නේ කතා කරන කෙනා කියන්නේ මොකක්ද සහ එයා ඒ දේ කියන්නේ කොහොමද කියන දේ ගැන අවධානය යොමුකරන එක. එයාගෙම වචන ආපහු ආපහු කියන්නේ නැතිව, එයා කියන්න උත්සහ කරන දේ ඔයාගෙම විදියට නිවැරදිව තේරුම් ගන්න. ඔයා ඒ දේ හරියටම ඔයාගේ වචන වලින් කියන්න තරම් අවබෝධයක් ගත්තා කියන්නේ ඔයා වැඩේ හොඳටම අල්ලාගෙන.
3. ඔළුවට එන ideas එවෙලේම note කරගන්න.
නිකමට හිතන්න. ලන්ච් ටයිම් එකේදී ඔයාගේ ඔළුවට ආපු idea එකක් ආපහු ඒ විදියටම පිළිවෙලට හදාගන්න ඔයාට පුළුවන් වෙලා තියෙනවද? ආපහු ඒ විදියටම ගලපාගන්න බෑ නේද?අන්න ඒ වෙලාවට ඔයාගේ ideas අපතේ හරින්න එපා.ඉක්මනට ඒක note කරගන්න. වෙන මුකුත් ඕන වෙන්නේ නෑ, ඔයාගෙම ෆෝන් එකේ Voice Memos, Doodle වගේ දේවල් තියෙන්නේ මේ වගේ වෙලාවල් වලට ගොඩයන්න.
4. Free Time එකෙන් උපරිම ප්‍රයෝජන
වැඩ-රාජකාරී සේරම දවසේ දිග වෙලාවක් කැප කරලා කරගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිය. ඒත්,ඔළුවට දැනෙන බර,මහන්සිය වගේ දේවල් ඔයාගේ දවසේ ගැම්ම තරමක් අඩු කරන්නත් හේතු වෙන බව අමතක කරලා බැහැ. අන්න ඒ නිසා ඔයාගේ ඔළුවට සැහැල්ලුව සහ විවේකය එකතු කරන, ඔයාව refresh කරන දෙයක් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ඉතුරු වැඩ ටික දඩි-බිඩි ගාලා ඉවර කරන්න, ඒ ලැබෙන ගැම්ම ගැන ආපහු කතා දෙකක් නැහැ.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-23-2020 07:27 PM (Last edited 05-23-2020 10:17 PM ) in
Galaxy Note- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-24-2020 01:16 AM in
Galaxy Note- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-24-2020 01:28 AM in
Galaxy Note- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-24-2020 03:12 AM in
Galaxy Note- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-24-2020 03:16 AM in
Galaxy Note