Original topic:

මානෙල් මල Water Lilly

(Topic created on: 09-02-2021 11:51 AM)
543 Views
Chamara_Gunarathna
Active Level 3
Options
Galaxy Gallery
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල හදුන්වා දුන්නේ 1986 පෙබරවාරි 26 දින දී ය.නමුත් දැන් ශ්‍රීලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල හදුන් වයි.මෙය තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

බුදුන් වහන්සෙගෙ සිරි පතුලහි ඇති මගුල් ලකුනු වලින් එකක් වීම.
සත්‍ය, පිරිසිඳු බව , විනය සංකේතවත් කිරීමට යොදා ගනියි.
රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. (මේ දෙවිඳුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
නිල් මහනෙල් හි උද්භිද නාමය පෙර දී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.
නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ. එම නිසා ජාතික පුෂ්පය කුමක්ද යන්නට නිවැරදි පිළිතුර විය යුත්තෙ මානෙල් මල වේ.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව සංස්කරණය
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන්න හුරුපුරුදු ප්‍රශ්නයකි. එය පාසල් ළමයින්ට විවිධ ශ්‍රේණිවල දී උත්තර දෙන්නට වන ප්‍රශ්නයකි. සාමාන්‍ය දැනීම තරගවල දීත් මේ ප්‍රශ්නය නිතර ම අසනු ලැබේ. උත්තරය බොහෝ සරල ය. උත්තරය නිල් මහනෙල් ය.

එහෙත් මේ නම කියන්නට දැන සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. මේ පුෂ්පය හඳුනා ගන්නට ද අප සමත් විය යුතු ය. රූපවාහිනි නාළිකාවල දැනුම මිනුම වැඩසටහන්වල විවිධ මල්වල රූප ඉදිරිපත් කොට නිල් මහනෙල් හඳුනා ගන්නා ලෙස දැනුම් දෙයි. මෙය ද ඉතා පහසු ය. අපේ දරුවන් ගේ පෙළ පොත්වල ජාතික පුෂ්පයේ ඡායාරූප ඇත. මුද්දර කාර්යංශය නිකුත් කළ මුද්දරවල ද එය ඇත. රජයේ විවිධ ප්‍රකාශනවල ප්‍රචාරක ව්‍යාපෘතිවල ද මේ රූපය ඇත. ඒ රූපය මතකයේ තබාගෙන නිල් මහනෙල් තෝරා ගැනීම එතරම් ම අපහසු නැත. එහෙත් ඇත්තෙන් ම මෙතරම් කාලයක්‌ අප නිල් මහනෙල්, නිල් මහනෙල් කියමින් පෙන්වා ඇත්තේ නිල් මහනෙල් නො වේ යෑයි පැවසුවොත්....?.

බැලූ බැල්මට ම එය අමුතු ම කතාවකි. එහෙත් සත්‍යය එයයි. එක්‌ අතකින් එය ලොකු රැවටීමකි. මුළු රටක්‌ ම ජාතික සංකේතයක්‌ සම්බන්ධ ව දිගු කලක්‌ තිස්‌සේ රැවටී සිටීම පොඩි පහේ මුළාවක්‌ ද නො වේ.

අපේ ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කළේ 1986 දී ය. එවකට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ව සිටි කේ. එච්. ඡේ. විජයදාස මහතා ගේ උපදේශකත්වයෙන් බිහි වූ කමිටුවක්‌ මගින් මේ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. මේ කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසිනි. උද්භිද විද්‍යාඥයෝ කිහිප දෙනෙක්‌ ද ඒ කමිටුවට ඇතුළත් වූ හ. ලංකාවේ ජාතික පුෂ්පය නම් කරන ලෙස මහජනයා ගෙන් ද ඉල්ලීම් කර තිබූ අතර ඊට විශාල ලෙස ප්‍රතිචාර ලැබී තිබිණි. ජනතාව විශාල උනන්දුවක්‌ දක්‌වමින් පුෂ්ප නම් කර එවූ හ. නෙළුම්, අරලිය වැනි මල්වල නම් ද ඒ අතර බහුල ව විය. එහෙත් ජාතික පුෂ්පය බවට නම් කෙරුණේ නිල් මහනෙල් ය. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ කැබිනට්‌ පත්‍රිකාවකිනි. එම කැබිනට්‌ පත්‍රිකාව පිළියෙල කළේ ද කේ. එච්. ඡේ. විජයදාස මහතා ය. කෙසේ වෙතත් මේ පත්‍රිකාවෙහි නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නො වී ය.

මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නිකුත් කර ඇත. එහි ඇත්තේ ද සැබෑ මල නො ව වැරැදි මලක පිංතූරයකි. පෙළ පොත්වල ඇත්තේ ද වැරැදි මලක රූපයකි. පාසල්වල පමණක්‌ නො ව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගැන්වූයේ වැරැදි රුව පෙන්වමින් ය. අවුරුදු 25කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති මේ මුළාව පිළිබඳව ජනතා අවධානය යොමු වූයේ මහාචාර්ය දීප්ති යකන්දාවල හා ආචාර්ය කපිල යකන්දාවල යන විද්වතුන් දෙපළ විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව ය. දීප්ති යකන්දාවල පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියකි. ආචාර්ය කපිල, වයඹ විශ්වවිද්‍යාලයයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය ධූරයක්‌ හොබවයි.

"අවුරුදු තුනක්‌ පමණ තිස්‌සේ කළ පර්යේෂණවලින් අපට පෙනී ගියා ශ්‍රී ලංකාවේ දැනට ජාතික පුෂ්පය ලෙස භාවිත වන්නේ සැබෑ මල නො වන බව. දැනට නිල් මහනෙල් ලෙස දක්‌වන රූපය සැබෑ නිල් මහනෙල් නො වෙයි" එසේ පවසන්නී මහාචාර්ය යකන්දාවල ය.

ශ්‍රී ලංකාවේ නිල් මහනෙල් පිළිබඳ රජයට සම්බන්ධ වාර්තා ලේඛන හා ග්‍රන්ථවල වැරැදි රූපය හඳුන්වා දීම නිසා ඒවා පෙළපොත්වලට පවා ගමන් කොට තිබේ.

මේ පර්යේෂකයන් පවසන පරිදි දැනට නිල් මහනෙල් ලෙස ඉදිරිපත් කර ඇති රූපය දේශීය නො වන පිටරටින් ගෙනෙන ලද මලකි. උත්ප්‍රාසාත්මක වන්නේ අපේ සැබෑ ජාතික පුෂ්පය දේශීය එකක්‌ ව තිබිය දී ඊට අදාළ පිංතූරය විදේශීය මලක්‌ වීම ය.

සිංහලෙන් නිල් මහනෙල් කියා හඳුන්වන මලෙහි උද්භිද විද්‍යාත්මක නාමය Nymphaea nouchali ය. මෙය නිවැරැදිව හැඳින්විය යුත්තේ Nymphaea nouchali.Burm. f. ලෙස බව මහාචාර්ය දීප්ති යකන්දාවල ගේ මතයයි.

Burm.f. යනු මේ මල පළමුවෙන් නාමකරණය කළ පුද්ගලයා ගේ නමයි. ඔහු ගේ සැබෑ නම නිකලස්‌ ලෝරන්ස්‌ බර්මන් ය. ඔහු 1734 - 1793 කාලය තුළ ඕලන්දයේ විසූ උද්භිද විද්‍යාඥයෙකි. Nymphaea nouchali පුෂ්පය අපේ එකක්‌. එහෙත් මේ රූපයේ තියෙන්නේ අපේ එකක්‌ නො වෙයි. එය බොහෝ විට මුහුම්කරණයක ප්‍රතිඵලයක්‌ විය හැකියි." එසේ පවසන්නේ ආචාර්ය කපිල යකන්දාවල ය. දැනට පෙන්වනු ලබන රූපය Nymphaea capensis, Nymphaea caerulea හෝ Nymphaea micrantha හි මුහුමක්‌ විය හැකි බව ඔහු ගේ මතයයි.

මහාචාර්ය දීප්ති යකන්දාවල පවසන්නේ නිල් මහනෙල් ගැන උනන්දුව තමා තුළ ඇති වූයේ කුඩා අවධියේ දී බවයි. පාසල් ගුරුවරියක වූ ඇගේ මව ඇයට නියම මල හඳුන්වා දී ඇත. දැනට භාවිතයේ තිබෙන මලත් අම්මා පෙන්වූ සැබෑ මලත් අතර වෙනසක්‌ තිබිණි.

"ඇත්තෙන් ම මේ මල් වෙන් කර හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. සැබෑ මල ළා නිල් පාටයි. වැරැදි මලේ පෙති දම් පාටයි.

වැරැදි මලේ පෙති වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. එනම් පෙති 25ක්‌ පමණ. ඒත් හරි මලේ පෙති ප්‍රමාණය මීට අඩුයි. වැරැදි මලේ රේණු තද කහ පාටයි. හරි මලේ රේණු ළා කහ පාටයි. වැරැදි මලේ රේණු කෙළවර දම්පාට තිබෙනවා, සැබෑ නිල් මානෙල් මලේ රේණු කෙළවර ළා නිල් පාටයි. රේණු සංඛ්‍යාව වැඩි වැරැදි මලෙයි. සැබෑ මලෙහි රේණු අඩුයි." ඒ මහාචාර්ය දීප්ති යකන්දාවල ඉදිරිපත් කළ සන්සන්දනයයි.

කෙසේ වෙතත් ලංකාවේ බහුලව ම ව්‍යාප්ත ව ඇත්තේ සැබෑ නිල් මහනෙල් මල නො ව ව්‍යාජ නිල් මහනෙල් මලයි. වැව්වල වැඩිපුර දක්‌නට ඇත්තේ ද වැරැදි පුෂ්පයයි. සැබෑ නිල් මහනෙල් වැඩෙන්නේ නො ගැඹුරු ජලයේ ය. පොත්පත්වල පමණක්‌ නො ව ආගමික ස්‌ථාන අසල නිල් මහනෙල් ලෙස නම් කොට අලෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මහනෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

විදුසරට වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කපිල යකන්දාවල කියා සිටියේ "The Flora of Ceylon", (දසනායක හා ක්‌ලේටන් ගේ) ග්‍රන්ථයේ නියම මල ගැන තොරතුරු ඇති නිසා එම තොරතුරු භාවිත කරමින් නිල් මහනෙල් හඳුනාගත හැකි බවයි.

වැරැදි රූපය ඉදිරිපත් වීම නිසා පිටරටට යෑවෙන තොරතුරුවල ද පිටරට වෙබ් අඩවිවල ද මේ තොරතුරු සඳහන් වන්නේ වැරැදියට ය. එනිසා දැන් වත් මෙය නිවැරැදි වීම ජාතික අවශ්‍යතාවක්‌ වන බව ආචාර්ය කපිල යකන්දාවල ගේ අදහසයි.

මේ කරුණු ගැන අවධානය යොමු කොට පර්යේෂණ පවත්වා තොරතුරු හෙළි කිරීම පිළිබඳව ජනතාව ගේ ගෞරවාදරය යකන්දාවල දෙපළට හිමි විය යුතු අතර ම රජයේ බලධාරීන් ගේ වගකීම වන්නේ යම් වරදක්‌ සිදු ව ඇත්නම් එය නිවැරැදි කිරීම ය.
image
ජාතික පුෂ්පය ලෙස බොහෝ දෙනා වරදවා භාවිතා කරන දම් පැහැති විදේශීය මානෙල් මල.
Shot was taken from Samsung Galaxy Note 4. SM910C
Image taken at the location of Temple of the tooth relic, Kandy Sri Lanka


6 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
Yes, you are right. The correct color of the flower is a light blue mixed with white.So many people, knowingly or unknowingly, misinterpret it
Cheers bro .and thanks
Galaxy Gallery
Appreciated very much
Anonymous
Not applicable
Galaxy Gallery
https://r2.community.samsung.com/t5/Galaxy-Gallery/නිල්-මානෙල්/td-p/7195552 ( සුදු පාටට ෆොටෝ එකේ පේන්නේ ඒත් සුදු නෙමෙයි නිල් මානෙල්) ෆොටෝ එක ගද්දී අවුල් ගිහින්.ඔයාට හොදට බැලුවොත් පෙනෙයි.මේ දවස්වල මල් නෑ මන් ආයේ හොද එකක් දාන්නම්
Galaxy Gallery
Took the image middle of the day. under bright sunny day, I guess I haven't thought about the white levels while capturing it. Appreciated your thoughts.
TUDeshapriya
Active Level 4
Galaxy Gallery
Superb👌
Galaxy Gallery
Appreciated very much