Original topic:

මණිමේඛලා දෙවඟන

(Topic created on: 05-27-2021 11:13 PM)
491 Views
Piyumanga
Active Level 1
Options
Galaxy Gallery
 
 image
@Sinigama Devol Devalaya
 
 
 Galaxy A50 click 
 

මණිමේඛලා දෙවඟන

මණිමේඛලා දෙවඟන කියන්නේ දෙවොල්දෙවි හාමුදුරුවන්ටත්, පත්තිනි දේවියටත් ඥාතී සබඳතා කියන දෙවඟනක්. රන් ආලේපිත රණ මත්ස්‍යවාහනාරූඩව වැඩවසන බෞද්ධ දෙවඟනක්. කන්නගී (පසුව පත්තිනි දේවිය) සහ කෝවලන් විවාහ වී සිටියදී කෝවලන් නාට්‍යංගනාවක් වන මාධවී සමග සම්බන්ධයක් ඇති කර ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දාව මණිමේඛලා නමින් දියණියක් ඉපදෙනවා. ඇය වර්ෂාව, සුළඟ, ජලය හා සෞභාග්‍යට  අධිපති දෙවඟන ලෙසත් හැඳින්වෙනවා. සර්ව සම්පුර්ණ, සෞභාග්‍යය සහ ශක්තියේ දෙවඟන යන නාම අර්ථ ගැන්වෙන ලෙස තමයි මණිමේඛලා යන නාමය සෑදී තිබෙන්නේ.  නමුත් කෝවලන් සියල්ල හැරදමා කන්නගී සමග පඬිරටට යනවා. කන්නගීගෙ රන් පා සළඹ දෙකෙන් එකක් කෝවලන් විකුණන්නට යාමේදී රටේ රජතුමා හොරෙක් යැයි සිතා කෝවලන් මරා දමනවා. ඒ අසා කන්නගී වම් පියයුර කපා පති භක්තිය නාමයෙන් පඬිරට මධුරාපුරය ගිනිබත් කරනවා. පසුව කන්නගී මහතෝමර පව්ව හෙවත් හඳුන්ගිර පර්වතයට ගොස් බණ භාවනා කරනවා. ඒ අතරතුර මණිමේඛලා ජෛන ආගම හා හින්දු ආගම අතහැර බෞද්ධ ආගම වැලඳගන්නවා. ඉන්පසු ඇය බෞද්ධ භික්ෂුණියක් බවට පත්වෙනවා. එපමණක්  නොව පෙර භවය හා පසුභවය වෙන් වෙන්ව දැකිය හැකි ඥානයක් සහිත භික්ෂුණියකද වෙනවා. පසුව ඇය කන්නගී සොයා යන්නට පිටත් වෙනවා.  කන්නගී සොයා හඳුන්ගිර පර්වතයට ගොස් කන්නගී හට  මතුබුදුවන්නට ආයාචනා කරන පළමු තැනැත්තිද ඇයයි. පසුව කන්නගී පත්තිනි මෑණියන් නමින්  දේවත්වයට පත් වීමෙන් පසුව ලංකාද්වීපයට වැඩමකරනවා. මණිමේඛලාද භික්ෂුණියද මරණින් පසුව සප්ත මහා සාගරයට අධිපති දිව්‍යාංගනාවන් ලෙස උපදිනවා. කාලයක් යද්දී කුරුප්පද දේශයෙන් නැව්නැගී දෙවොල් කුමාරවරු හත් දෙනෙක් සීනිගම දේවාලෙට ගොඩ බැසීමට තැත් කිරීමේදී  එහිදී එතැන වැඩවාසය කල පත්තිනි මෑණියන් එම කුමාරවරු සත් දෙනා හට ඒ සඳහා ඉඩ ලබා නොදුන් හෙයින් කුමාරවරුන්ට එහි ගොඩබැසීම සඳහා උදව් උපකාර කළේද මණිමේඛලා දෙවිදුව යි. එම සහසම්බන්ධතාව නිසාවෙන් රාජ්‍යරාජ මහාමාත්‍යාදීන්ගේ විජයග්‍රහණය  වෙනුවෙනුත් දරු සම්පත් නොමැති අය වෙනුවෙනුත් ධීවර කර්මාන්තයේ අය වෙනුවෙනුත්  ආශිර්වාද කරන ඉෂ්ඨ දේවතාවියක් ලෙසත් ඇය පෙනී සිටින්නට වුනා. ථේරවාදයේ හා මහායානයේ ඇය ගැන සඳහන් වෙනවා. මහායාන දර්ශනයට අනුව ඇය බෝධිසත්වවරියක් ලෙස නම් කර තියෙනවා. දැනට වාර්තාගත විශාලම මණිමේඛලා ප්‍රතිමාව සීනිගම දේවාලයේ තැන්පත් කර ඇති අතර සෑම මසකම ප්‍රධාන පෝය දින සවස 6 ට පුද පූජාවන් සිද්ධ කිරීමත් එහිදී ජලය, ඖෂධ, පිරිත් පැන්, පළතුරු යුෂ හා සුවද කුඩු වලින් නහවා දේවාභරණ ආභරණ පළඳවා සළුපිළි පැළඳවීමක්ද සිද්ධ කරනවා. මුරුතැන් පූජාව, ශබ්ද පූජාව, සමුදුරු පූජාවත් සිදුකර මල්පෙති දශලක්ෂයක් ඉසින බවත් සඳහන් වෙනවා. දෙවොල් දෙවියන්, පත්තිනි මෑණියන්, මණිමේඛලා දෙවඟන එකම යුගයක ගමන් කරන මෑත කාලීන ප්‍රාදේශීය දෙවිවරු ලෙසද සඳහන් වෙනවා.

6 Comments
nishujayalath
Expert Level 5
Galaxy Gallery
නෑ මනිමේකලා මෑනියෝ
Piyumanga
Active Level 1
Galaxy Gallery
Thank you for the correction sis.. 🙂
Anonymous
Not applicable
Galaxy Gallery
වෙනස මොකක්ද ?? 🤔
0 Likes
Piyumanga
Active Level 1
Galaxy Gallery

මං පොඩි විස්තරයක් දැම්මා post එකේ. 😊

0 Likes
nishujayalath
Expert Level 5
Galaxy Gallery
Ur welcome
nishujayalath
Expert Level 5
Galaxy Gallery
ඒ ගැන දැනගත්තෙත් අදමයි මං. ධීවර කර්මාන්තය කරන අයට ඉන්න දෙවඟන කියල අහල නම් තියෙනවා