Original topic:

මගෙA galaxy A7 phne eke finger senser weda nathuwa giya ai kiyanna puluwande.

(Topic created on: 05-14-2021 07:10 AM)
58 Views
chathugayani
Active Level 3
Options
Galaxy A
මගෙA galaxy A7 phne eke finger senser weda nathuwa giya ai kiyanna puluwande.ඒක හදා ගන්නේ කොමද. Plz help me.
21 Comments
noahm
Active Level 8
Galaxy A

මුකුත් error එකක් එනවද නැත්නම් sensor එක respond කරන්නෙම නැද්ද?


0 Likes
chathugayani
Active Level 3
Galaxy A
මෙහෙම එනවා

Screenshot_20210513-200810.jpg

noahm
Active Level 8
Galaxy A

Dial app එකේ *#0*# ටයිප් කළාම test menu එක එයි. එතන "Sensor" කියන එක select කරන්න. select කළාම device එකේ තියෙන sensors ටික පෙන්නයි. fingerprint sensor එකෙ විස්තරත් එතන තියෙනවා.
Fingerprint Test දෙකක් ඇති Normal Scan, Sensor Info කියලා. දෙකම tap කරල බලන්න සේරම testsවලට "Pass" ද වැටෙන්නෙ කියලා. සේරම "Pass" නම් sensor hardware අවුලක් නෑ.
software තමා අවුල.
(ඔය test menu එකේ back යන්න back button එක double tap කරන්න ඕනේ)

Restart කළාද? කළාට වෙනසක් වුනේ නැද්ද?

chathugayani
Active Level 3
Galaxy A
restart කරේ නැ. මම බලන්නම්. tnq dr
noahm
Active Level 8
Galaxy A

okay. මුලින්ම restart කරලා බලන්න හරි යනවද කියලා.
හරි ගියෙ නැත්නම් sensor එක test menu එකෙන් check කරන්න.
sensor ok නම් Dineth කිව්ව ටික කරල බලන්න.

මේ video එක බලන් cache partition clear කරන්න.
https://youtu.be/YJbYYvj-M7k

Settings > Biometrics and security > More biometric settings > Biometrics security patch කියන එකේ latest update එකේද ඉන්නෙ කියලත් බලන්න.

chathugayani
Active Level 3
Galaxy A
tnq dr
chathugayani
Active Level 3
Galaxy A
මම මේ cord එක ටයිප් කරා. fingerprint senser test eka null එන්නේ
noahm
Active Level 8
Galaxy A

version: null එනව නම් service center එකකට ගියොත් අනිවා කියනව sensor එක මාරු කරන්න ඕන කියල. ඊට කලින් කරන්න suggestions කීපයක් දෙන්නම්. ගොඩ දාගන්න බලමු.

1. Fingerprint, Pattern, Face... තියෙන සේරම lock types ටික අයින් කරල PIN එක විතරක් lock type එක විදිහට set කරන්න. 
Phone එක restart කරන්න. Restart කළාට පස්සෙ ආයෙ fingerprint lock type එක ON කරල fingerprint එක වැඩ කරනවද කියල බලන්න. සමහර අයට ඔය ක්‍රමෙන් හරි යනව.

2.  Phone එක Safe mode එකේ start කරන්න. Safe mode කියන එකේ මුකුත්ම third party apps load වෙන්නෙ නෑ. ඇත්තටම phone එකේ ප්‍රශ්නයක් ද කියල හිතා ගන්න පුලුවන් safe mode එකෙන් බැලුවොත්.
Safe mode එකට යන්න මෙහෙම කරන්න.
Phone එක off කරන්න. ආයෙ power button එකෙන් normal ON කරන්න. කරද්දි  පළවෙනි screen එකේ නෙවෙයි දෙවෙනියට SAMSUNG logo එක විතරක් තනියෙන් screen එකේ ආපු ගමන් volume down button එක press කරගෙන ඉන්න අතාරින්නෙ නැතුව. එතකොට phone එක ON වෙයි normal විදිහට, හැබැයි යටින් එයි "Safe Mode" කියලා.
ඊට පස්සෙ Finger print එක වැඩ කරනවද කියල බලන්න.

Safe mode එකේ ඉන්නකොට notification shade එකක් එනවා safe mode off කරන්න. Notification එකෙන් safe mode off කළාම phone එක තනියෙන් restart වෙලා සාමාන්‍ය state එකට එනවා. ඊට පස්සෙත් Finger print එක වැඩ කරනවද කියල බලන්න.

මන් දැක්ක ඔයා cache partition clear කළා කියල comment එකක් දාල තියෙනව. වැඩ කළේ නෑ කිව්වනෙ ඒත්.

ඒ හින්දා අන්තිමට කරල බලන්න පුලුවන් වෙන්නේ Factory Reset කරන එක. අනිවාර්‍යයෙන් phone එකේ තියෙන සේරම data backup කරගන්න. Auto backup වෙන්නෙ නැහැ reset කරද්දි. මුකුත් ආයෙ ගන්න බෑ reset කළාට පස්සෙ. 
Samsung Smart Switch එකෙන් backup කරන එක තමයි හොඳම.

0 Likes
noahm
Active Level 8
Galaxy A

Factory reset කරන්න වුණොත්
ප්‍රධාන ක්‍රම දෙකයි.

1. Settings > Accounts and Backup > Backup data
ඔතනින් එක්කෝ ඔයාගෙ Google drive එකට නැත්නම් Samsung cloud එකට backup කරන්න පුලුවන්.

2. Samsung Smart Switch:
මේකෙන් කැමති නම් PC එකකට, Memory card එකකට එහෙමත් නැත්නම් USB drive එකකට data backup කරන්න පුලුවන්.

Memory card, USB driveවලට backup කරන්න phone එකේ Samsung Smart Switch application එක install කරල තියෙන්න ඕනෙ.

Samsung Smart Switch in Galaxy Store link:
https://apps.samsung.com/appquery/appDetail.as?appId=com.sec.android.easyMover&cId=000004936714


PC එකට backup කරන එක තමයි හොඳම. කරනව නම් මේක බලාගෙන කරන්න: https://youtu.be/inWiKAgWo9U
මෙහෙම කරන්න Samsung Smart Switch application එක ඔයාගෙ PC එකේ install කරල තියෙන්න ඕනෙ.

Samsung Smart Switch for Windows download link: https://www.samsung.com/global/download/smartswitchwin/

0 Likes